Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපි කොළඹ බලය අල්ලගෙන ඉවරයි – ලාල් කාන්ත

1 year ago

ජාතික ජනබලවේගය කොළඹ බලය ගොඩනඟා අවසන් බවත් කොළඹ පුරපතිනිය ලෙස ව්‍රායි බාල්තසාර් මහත්මිය තේරි පත්වන බවත් ජාතික ජනබලවේගයේ අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කැබිනට් සංශෝධන සහ අභ්‍යන්තර ගැටුම් පිළිබඳව තොරතුරු පතුරුවන අයට ඔවුන්ගේ ඔළුව පරීක්ෂා කරගැනීමට සිදුවනු ඇති බවයි.

“කැබිනට් සංශෝධනයක් ගැන කියනවා, අගමැති මාරු වෙනවා කියලා කියනවා, අභ්‍යන්තර ගැටුම් කියලා කියනවා, කියන අයගේ ඔළුව පරීක්ෂා කරගන්න වෙයි.

විපක්ෂය කියලා පක්ෂයක් තියෙනවා. ඒ පක්ෂයට මොනවා හරි කියාගන්න ඕනේ. හැබැයි කියන තරමක් කියන්නේ බොරු.

NPP එක පුළුල් කරලා ඉවර නැහැ. කොළඹ බලය අපි ගොඩනඟලා ඉවරයි. නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්න විතරයි තියෙන්නේ. පුරපති වායි බල්තසාර් සහෝදරිය.”