Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තීරු බදු පැනවිය නොහැකියි! ඇමෙරිකානු අධිකරණයකින් ට්‍රම්ප්ගේ තීරණයට එරෙහි තීන්දුවක්!

1 year ago

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. 

මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් සෑම රටකටම පාහේ තීරු බදු පැනවීමට ජනාධිපතිවරයාට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවයි. 

එමෙන්ම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත් සඳහන් කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවයි.

තීන්දුවෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත ට්‍රම්ප් පරිපාලනය අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.