ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
“සාමය සඳහා ශ්‍රී මහා බෝධියට ගහන්න බෑ. සාමය සදහා දළදා මාලිගාවට ගහන්න බෑ. ඒ ප්‍රභාකරන් හැසිරුණු ආකාරය අනුව කිසිම කෙනෙක් විශ්වාස කරන්නෑ මූ මේ සාමයටනේ එන්නේ කියලා. මම ඉතින් අහගෙන හිටියා. ඉතිං එතුමාගේ මතය හේතුව ප්‍රකාශ කරනවා. පිස්සෙක් නෙවෙයිනේ ඕක වැරදියි ඕයි කියල උඩ පනින්න.”
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.
