ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි බලාත්මක කිරීමට එරට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.
පසුගිය (28) වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවලට පැනවූ තීරුබදු අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් අත්හිටවනු ලැබුවා.
එම නියෝගය අනුව ජනපති ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් එල්ල වී ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.
නමුත් ට්‍රම්ප් පරිපාලනය විසින් මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා.
