නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2025 මැයි 25 සිට 31 දක්වා ඉන්දියාවේ පැවති ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව, මෙම වැඩසටහන ලෝක් සභා ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශය (BPST) විසින් සංවිධානය කරනු ලැබිණි.
නියෝජිත පිරිසට නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර මහත්මිය, සභාගර්භයේ සභාපති මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරු, රජය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් මීට ඇතුළත් වූහ.
එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම වැඩසටහනට එක්වූහ.
