කැබිනට් මණ්ඩල සංශෝධනයක් හෝ අගමැතිවරියගේ වෙනස් කිරීමක් ගැන කිසිම සාකච්ජාවක් සිදුව නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඊයේ පැවති (03) කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.
ඉදිරියේදී අගමැති ධුරයේ වෙනසක් සිදු කර එය බිමල් රත්නායක වෙත ලබා දීමේ සූදානමක් පවතින බවට පුවත් වාර්තාවල සඳහන් විය.
එය විරුද්ධවාදීන් අවධානය දිනාගැනීම සඳහා ඇතැම් මාධ්‍යයන් සමඟ එක්ව පළකරන අසත්‍ය පුවතක් බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම කිසිම ආකාරයක කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන සකාච්ජාවක් සිදුව නැති බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
