ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙස ඔවුන් මෙය නම් කර තිබේ.
ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින් පිපිරීම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබේ.
ඉරාන මාධ්‍ය කිහිපයක් ද මේ බව තහවුරුකර ඇත.
එහිදී ඊශ්‍රායලයේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයයි.
එමෙන්ම ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යශ්ටික වැඩසටහනට සමබන්ධ විද්‍යාඥයින් රැසක් ද මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බව සඳහන්.
මේ අතර රටටම හදිසි තත්ත්වයක් නම්කර පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශීවීම්ද තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.
ඒ ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බවට පවතින සැකය මතයි.
කෙසේ වෙතත් අමෙරිකාව පවසා ඇත්තේ, තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.
