Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුද උණුසුම තීව්‍ර කරමින් ඉරානයෙන් ඊශ්‍රායාලයට ප්‍රතිප්‍රහාර

1 year ago

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව ඉරානය ඊශ්‍රායලය දෙසට මිනිසුන් රහිත ගුවන් යානා 100ක් දියත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් එම ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි.

මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී, ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් බගෙරි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.