Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව ම කම්පා කළ ගුවන් අනතුරින් පසු නිකුත් වූ ආචාර්ය ජෝෂ් පවුලේ අවසන් සෙල්ෆිය! ලංකාවේත් සංචාරයක නිරත වෙලා!

1 year ago

ලෝකවාසී සියල්ලන්ට අඳුරු මතක ගොන්නක් එක් කරමින් ඊයේ(12) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ මගීන්ගේ තොරතුරු මේ වනවිට හෙළිවෙමින් පවතිනවා.

ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ මගීන්ගේ තොරතුරු මේ වනවිට හෙළිවෙමින් පවතිනවා.

එලෙස අනාවරණය වූ තොරතුරු අතර රතික් ජෝෂිගේ පවුලට අත්වූ ඉරණම මේ වනවිට ලොව වඩාත් කම්පාවට පත් කර තිබෙනවා.

මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය ජෝෂි, වසර 6ක් පුරා ලන්ඩනයේ ජීවත් වූ අතර ඔහු තම දරු තිදෙනා ඇතුළු සිය පවුලේ පිරිස් ලන්ඩනයට රැගෙන යාමට වසර ගණනාවක් සිහින දැකීය. 

වසර 6ක් පුරා ඔහු දුටු සිහිනය මුදුන්පමුණුවා ගත් ඔහු අවසානයේ සිය පවුලේ පිරිස ලන්ඩනයට රැගෙන යාමට අවශ්‍ය මගවිවර කරගෙන ඊයේ මෙම ගුවන් යානයට ගොඩ වී ඇත.

වෛද්‍යවරියක් වූ ඔහුගේ බිරිඳ ලන්ඩනය බලා යාම වෙනුවෙන් ඊට දින දෙකකට පෙර ඇගේ රැකියාවටද සමුදුන්නාය.

ඇය උදයිපූර් හි පැසිෆික් රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කර තිබුණි.

ඔවුන්ගේ දරු තිදෙනාගෙන් පිරිමි දරුවන් වයස අවුරුදු පහක නිවුන් දරුවන් වන අතර, දියණිය 8 හැවිරිදි වියේ පසු වූවාය.

නව ජීවිතය ගැන දහසකුත් බලාපොරොත්තු පොදිබැඳන් ගුවන් යානයට ගොඩ වූ ජෝෂි යුවළ, දරු තිදෙනා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටද අමතක නොකළ අතර එය ඔවුන් ගන්නා අවසන් සෙල්ෆිය වනු ඇතැයි ඔවුන් සිහිනෙකින් හෝ නොසිතන්න ඇත.

සිනහවෙන් පිරුණු එම සෙල්ෆිය මේ වනවිට මුළු ලොවම සංවේගයට පත් කර ඇත.

එක් පුද්ගලයෙකු හැරෙන්න යානයේ සිටි මගීන් 241කට මෙම ගුවන් අනතුරෙන් මරු කැඳවූ අතර, එහි ජෝෂි පවුලේ සාමාජිකයන් පස් දෙනාද වෙයි.

අවාසනාවන්ත අනතුරට ලක්වීමට පෙර ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබෙන අතර, ඒ අතර ශ්‍රී ලංකාවටද වරක් පැමිණ තිබේ.