දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා තෝරා එවා ඇති සභකයින්ගේ නම් ඇතුළත් තවත් අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
මෙම නම් 2025.05.31 දිනැති හා අංක 2438/66, 2438/67, 2438/69, 2438/70, 2438/71, 2438/72, 2438/80, 2438/81, 2438/83, 2438/84, 2438/87, 2438/88, 2438/89, 2438/90 දරන ගැසට් පත්රවල සඳහන් සභිකයන්ගේ නම්වලට අමතර වශයෙන් ප්රකාශ කර ඇත.
මේ අතර තේරීපත් වූ තවත් සභික ධුර 330ක් වෙනුවෙන් නම් තවමත් දේශපාලන පක්ෂ විසින් එවා නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ නම් ඉතා කඩිනමින් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ඉල්ලා තිබේ.
