මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධුරය පොදුජන පෙරමුණටත් හිමිව තිබේ.
ඒ එම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් අද (13) පැවැති ඡන්ද විමසීමේදීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය දිනා ගනු ලැබුවාද බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීමට අපොහොසත් විය.
එහිදී ජාතික ජන බලවේගය සභික ධුර 10ක් හිමි කර ගැනීමට සමත් වූ අතර සමගි ජන බලවේගය සභික ධුරය 6ක්, පොදුජන පෙරමුණ සහ සර්ව ජන බලය සභික ධුර 2 බැගින් හා පොදුජන එක්සත් පෙරමුණට එක් සභික ධුරයක් හිමි විය.
අද පැවති රහස් ඡන්ද විමසීමේදී සභාව උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ අතර පැවැති ඡන්ද විමසීමේදී එහි සභාපති ධුරය ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංග මහතාට හිමි වූ අතර උප සභාපතිකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාට හිමි විය.
