Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂයට බහුතරය හිමි වූ දයාසිරි ජයසේකරගේ බලකොටුවේ බලය මාලිමාවට හිමි වෙයි

1 year ago

පඬුවස්නුවර ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

ඒ එම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් අද (13) පැවැති රහස් ඡන්ද විමසීමේදීය.

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට සභිකයින් 38 දෙනෙකු තෝරා ගත් අතර ජාතික ජන බලවේගයට සභිකයින් 17 දෙනෙකු හිමිවූ අතර විපක්ෂයේ පක්ෂ අතර බෙදී ගිය සභික සංඛ්‍යාවද 21ක්.

අද පැවති ඡන්ද ව්මසීමේදී එම ප්‍රාදේශීය සභාවට සර්ව ජන බලයෙන් තේරී පත්වූ සභිකයාගේ නම ගැසට් කර නැති බව පවසමින් එම මන්ත්‍රීවරයාව සභාවෙන් ඉවත් කර තිබුණා.

පසුව රහස් ඡන්ද විමසීම පැවැති අතර ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරයට තරග කළ සභිකයාට ඡන්ද 19ක් ලබා ගත් අතර සමගි ජන බලවේගයෙන් තරඟ කළ සභිකයාට ඡන්ද 18ක් හිමි වුණා.

මෙම ආසනය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ආසනයයි.

මන්ත්‍රීවරයා පසුගිය දින කිහිපය පුරාම ප්‍රකාශ කර සිටියේ තම ආසනයේ ප්‍රාදේශීය සභාවේ බලය අනිවාර්යයෙන් විපක්ෂයේ කණ්ඩායම් එක්ව බලය පිහිටුවන බවයි.