ඉරානය විසින් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉරානයේ, ටෙහෙරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල වීමත් සමයි මෙසේ ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙන්නේ.
ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානාද 100කට වඩා දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විදෙස් වාර්තා තහවුරු කළේ, එරට හමුදා කඳවුරු සහ ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.
ජෙරුසලමේ පිපිරීමක් කිහිපයක් සිදුව ඇති බවත්, ඊශ්‍රායල අගනුවර වන ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බවත් විදෙස් වාර්තාවන්හි දැක්වේ.
මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.
ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට එල්ල වූ ඉරාන මිසයිලයකින් එහි ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, ඊශ්‍රායල ආරක්ෂක අංශ එහි සිටින තුවාලකරුවන් සොයමින් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරමින් සිටියි.
එමෙන්ම මෙම ප්‍රහාර මාලාවෙන් පසු ඉරාන වැසියන්ද විථි බැස සිය සතුට සමරන අයුරුදු විදෙස් වාර්තාවන්හි දැක්වේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඊයේ (13) ඉරාන අගනුවර වන ටෙහරාන හා නටාන්ස් න්‍යෂ්ටික භූමිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන හමුදා ප්‍රධානීන් තිදෙනෙකු, විද්‍යාඥයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
එමෙන්ම තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබූහ.
එම ප්‍රහාරය සාධාරණීකරණය කරමින් ඊශ්‍රායලය පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ‘ආපසු හැරවිය නොහැකි ස්ථානයකට’ ළඟා වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
