Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

1 year ago

පුද්ගලයින් 242 දෙදෙනෙකු රැගෙන අහමදාබාද් සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ දක්වා ගමන් කළ එයාර් ඉන්දියා Al-171 ගුවන් යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන කමිටුවක් පත්කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ කමිටුව විසින් ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මාස තුනකින් එහි වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය 12 වනද‍ා සිදුවූ මෙම ගුවන් අනතුරින් යානයේ ගමන් ගත් පුද්ගලයින් 241 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් පුද්ගලයෙකුගේ පමණක් දිවි බේරුණා.

මේ අතර මෙම ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 274 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ගුවන් යානයේ සිට මියගිය පුද්ගලයින් 241 දෙනාට අමතරව යානය කඩා වැටීමේ දී ගැටුණු ගොඩනැගිල්ල තුළ සහ ඒ අවට සිටි අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ද මෙම සංඛ්‍යාවට ඇතුළත්.