Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක්! ගමන් කළ සියලු දෙනා ජීවිතක්ෂයට පත්වෙයි!

1 year ago

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව NDTV පුවත් සේවය වාර්තා කර තිබේ.

මියගිය පිරිස අතර ගුවන් නියමුවා සහ මාස 23ක් වයසැති කුඩා බිළිදෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

හෙලිකොපටර් යානය ඩෙහ්රාඩුන් සිට ගුවන් ගත වී ඇති අතර, හිමාලයානු දේවාලය අසල ගෞරිකුන්ද් අසලදී ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතා නැති වී තිබෙනවා.

පසුව සිදුකළ සෝදිසියකදී ත්‍රිජුගිනාරායන් සහ ගෞරිකුන්ද් අතර තිබී කඩා වැටුණු හෙලිකොපටරයේ සුන්බුන් සොයා ගත් බව එම මාධ්‍ය වාර්තාවල දැක්වේ. 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.