ඉරානය සහ ඊශ්‍රායලය අතර අතර ඇතිව තිබෙන යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බව ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් සිය රටෙහි කිසිදු සම්බන්ධයක් නොපවතින බවයි.
කෙසේ වෙතත් ඉරානය විසින් මින් පෙර අමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානිය යන රටවලට අනතුරු අඟවා සිටියේ ඊශ්‍රායලයට එල්ල කරන සිය ප්‍රති ප්‍රහාර නැවැත්වීමට උදව් නොකරන ලෙසයි.
යම් හෙයකින් එසේ වුවහොත් ඉරානය විසින් කලාපයේ පිහිටි එම රටවල් තුනට අදාළ හමුදා කඳවුරු සහ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඔවුන් අනතුරු අඟවා තිබුණා.
මීට පිළිතුරු ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යම් ආකාරයකින් හෝ පහර දීමක් සිදුවුවහොත් එක්සත් ජනපද හමුදාවන්ගේ පූර්ණ ශක්තිය සහ බලය ඉරානයට දැක ගත හැකි වනු ඇති බවය.
