Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

1 year ago

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින්  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.

ඔවුන් පවසන්නේ ETI තැන්පත්කරුවන්ව මහමඟට ඇඳ දැමූ දීපා එදිරිසිංහ නැමැත්තිය කොළඹ නගර සභාවට පත්කිරීමට තමන් විරෝධය පලකරන බවයි.

පොදුජන එක්සත් පෙරමුණෙන් කොළඹ නගරසභාවට තරඟ කළ ඇය ඉන් පරාජයට පත් වූ නමුත් පසුව ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පත් කර තිබුණා.

ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය චෝදනා කරන්නේ ඇය සතු මුදල් බලය හේතුවෙන් ඇයව නාගරික මන්ත්‍රීවරියක් ලෙස පත් කර ඇති බවයි.