Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුවන් අනතුරෙන් පසු ප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අතුරුදන්

1 year ago

එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදුවූ දින සිට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන මහේෂ් කලවාඩියා අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 

ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ ඔහු එම ප්‍රදේශය අසලින් ගමන් කරමින් සිට ඇති බවයි වාර්තාවන්නේ. 

ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ සිය සැමියාගේ ජංගම දුරකථනයේ සංඥා අනුව ඔහු අවසන්වරට සිට ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ ස්ථානයට මීටර් 700 ක් දුරින් බව පොලීසිය විසින් සොයාගෙන ඇති බවය.

ඒ අනුව ඔහුගේ පවුලේ ඥාතීන්ද අනතුරින් මියගිය පුද්ගලයින් හදුනාගැනීම සඳහා ඩී.එන්.ඒ සාම්පල ඉදිරිපත් කර තිබෙනවා.

 මේ වන විට මෙම ගුවන් අනතුරින් 270 දෙනෙකේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඩී.එන්.ඒ ගැලපීම මගින් 47 දෙනෙකු හඳුනාගෙන ඇති බව තහවුරු කර තිබෙනවා.

 එමෙන්ම මළ සිරුරු 24 ක් බලධාරීන් මේ වන විටත් පවුල්වලට භාර දී ඇති බව සදහන්.