සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (17) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදි සභාවේ උණුසුම් තත්වයක් මතුව තිබෙනවා.
එහිදී එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර වී තිබේ.
ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත්වී ඇති බැවින් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කර තිබේ.
මෙම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටව ගියහ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ ඝන පූර්ණය නොමැති වූ බැවින්, කොමසාරිස්වරිය සභාව විනාඩි 30කට කල් තැබුවාය.
කෙසේ වෙතත්, පසුව ඇති වූ තත්ත්වය මත, සීතාවක ප්‍රාදේශීය සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවිය.
එම නිසා, අද දින සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කිරීමේ කටයුතු සිදු නොවීය
