ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි “සැඟවී සිටින” ස්ථානය වොෂින්ටනය නිවැරදිවම දන්නා බවත් ඔහු පහසු ඉලක්කයක් බවත් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මේ වනවිට ඉරානයේ උත්තරීතර නායකයා එහි ආරක්ෂිතව සිටින බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය සටහනෙන් පවසා තිබෙනවා.
නමුත් මේ මොහොතේ කිසිසේත්ම ඔහුව ඝාතනය කිරීමට යොමු නොවන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත.
ඇමරිකානු සිවිල් වැසියන්ට සහ හමුදාවන්ට එරෙහිව පළිගැනීමක් ඇති විය හැකි බැවින් එසේ කිරීමෙන් වළකින බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.
එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදුකරමින් පවසා ඇත්තේ මේ වනවිට ඉවසීමේ සීමාව අඩු වෙමින් පවතින බවය.
