බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කළ නීති විරෝධී ක්‍රියාවට කවදා හෝ එතුමිය නීතිය හමුවට ගෙන එන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා.
මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
“පාලකයෝ එනව යනවා.කොමසාරිස් තුමිය ඒක මතක තියා ගන්න.ජනතා මතය කියන්නේ ගලේ කොටපු දේවල් නොවේ.දේශපාලන නායකයන්ට රටේ පාලකයන්ට මොන ආණ්ඩු තිබුණත් කඩේ යන්න එපා.ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ සෙල්ලම් කරපු ලේකම්වරු අද ඉන්නේ කොහෙද?දේශපාලන නායකයන්ගේ අතකොලු වූ රාජ්‍ය සේවකයන්ට අන්තිමට හිරේ ළඟින්න සිදුවුණා ..”
