Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තොණ්ඩමන් හා එක්ව මාලිමාව නුවරඑළියේ බලය අල්ලයි

1 year ago

නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයටත් නියෝජ්‍ය නගරාධිපති ධූරය ලංකා කම්කරු කොංග්‍රසයටත් හිමිව තිබේ.

ඒ එම නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් අද (18) පැවැති ඡන්ද විමසීමේදීය.

එම මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උපාලි වලියසේකර මහතා විවෘත ඡන්ද 14 කින් තේරී පත් වු අතර, එම සභාවේ උප නගරාධිපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සිවජෝති යෝගරාජා මහතා ඡනද් 14කින් තේරි පත්විය.

මෙම නගර සභාවට නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වූ අතර, ඒ සදහා රහස් ඡන්දයක් පැවිත්විය යුතු බවට සභිකයින් 11 දෙනෙකු යෝජනා කල අතර, විවෘත ඡනදයක් පවත්වන ලෙසට සභිකයින් 14 දෙනෙකු එකගතාවය පළ කල නිසා මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස්වරිය බහුතර සභිකයින්ගේ එකගතාවය මත, විවෘත ඡනදයකින් නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කෙරිණ.

නුවරඑලිය මහ නගර සභාව ( මන්ත්‍රීධූර 25)
ජාතික ජන බලවේගය – 12
සමගි ජන බලවේගය – 04
එක්සත් ජාතික පක්ෂය – 03
ස්වාධීන – 03
ලංකා කම්කරු කොංග්‍රසය – 02
පොදු ජන එක්සත් පෙරමුණ – 01