Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උතුරු කොරියාවෙන් මුහුදට රොකට්

1 year ago

අමෙරිකාව, දකුණු කොරියාව හා ජපානය එක්ව කොරියානු අර්ධද්වීපයේ සිදුකළ ගුවන් අභ්‍යාසයෙන් පැය කිහිපයකට පසු උතුරු කොරියාව රොකට් කිහිපයක් දියත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් සිය අගනුවර ආසන්න මුහුද දෙසට රොකට් 10ක් පමණ දියත්කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang මායිමේ පිහිටි සුනාන් ප්‍රදේශසේ සිට බහු රොකට් විදින යන්ත්‍රවලින් මෙම රොකට් දියත් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

උතුරු කොරියානු තර්ජනවලට එරෙහිව ගැඹුරු සහයෝගීතාවයක් පෙන්නුම් කිරීමේ අරමුණින් අමෙරිකාව, දකුණු කොරියාව හා ජපානය එක්ව මෙම ගුවන් අභ්‍යාසය සිදු කර තිබුණි.