Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල්ගෙන් කෝප් කමිටුවට චෝදනාවක්

1 year ago

කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් පමණක් බවත් ඊට තීන්දු ගන්න බලයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එය වත්මන් ආණ්ඩුවේ කෝප් කමිටුවේ පමණක් නොව, ඉතිහාසයේ සිටම ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බව ඔහු එහිදී කියා සිටියා.

ඒ අනුව එහිදී රාජ්‍ය නිලධාරීන් ගෙනැවිත්, එකම ප්‍රශ්නය දෙතුන් වතාවක් විමසන බවට පැවසූ නාමල් රාජපක්ෂ මහතා නිලධාරීන් අපහසුතාවයට පත්කර මාධ්‍ය ඉදිරියේ ලැජ්ජාවට පත්කරන බව සඳහන් කළා.

එමෙන්ම පරීක්ෂණයක් සිදු කිරීම ගැටලුවක් නොවුනද, පරීක්ෂණ සිදුකරන මුවාවෙන් යම් නිලධාරියෙක් අපහසුතාවට පත් කිරීමට අවශ්‍ය නම් හෝ එම නිලධාරීන් අපහසුතාවයට පත්කර තමන්ගේ දේශපාලන වුවමනාව ඉටු කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් පරිවර්තනය කිරීමට උත්සාහ කරන්නේ නම්, එය සාධාරණ නොමැති බවද නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ, කෝප් කමිටුව වසර ගණනාවක් තිස්සේ වාර්තා ඉදිරිපත් කළද, ඔවුන්ට තීන්දුවක් ගැනීමට බලයක් නොමැති බවත්, අවසානයේදී එය ප්‍රශ්න අසන, මාධ්‍ය සංදර්ශන තබන, නිලධාරීන් අපහසුතාවයට පත්කරන ‘රියැලිටි ෂෝ එකක්’ පමණක් බවයි.

අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.