ඊයේ(20) උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව තිබෙන බවයි ඉරාන මාධ්‍ය වාර්තාවන්වල දැක්වෙන්නේ.
මින් සිදුව ඇති හානිය පිළිබඳව විදෙස් වාර්තා සඳහන් කර නොමැත.
ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද එම වාර්තාවන්හි දැක්වේ.
