Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

1 year ago

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමරිකානු ප්‍රහාර එල්ලවීමෙන් පසු මැදපෙරදිග සිටින සෑම ඇමරිකානු පුරවැසියෙකුම හෝ හමුදා නිලධාරියෙකුම මේ වනවිට ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයක් වී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය අනතුරු අඟවා තිබෙනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනියේ විකාශය වූ සජීවි වැඩසටහනකදී නිවේදකයෙක් සඳහන් කළේ ඉරානයට බෝම්බ හෙළීමෙන් ඇමරිකාව ආරම්භ කළ ගැටුම ඉරානය අවසන් කරන බවයි.

“ඉරානයේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීමෙන් එක්සත් ජනපදය ඉරානයට එරෙහිව අපරාධයක් කර ඇත. එයට බටහිර ආසියානු කලාපයේ කිසිදු ස්ථානයක් නොමැත. එක්සත් ජනපද ජනාධිපතිතුමනි, ඔබ එය ආරම්භ කළ අතර අපි එය අවසන් කරන්නෙමු.”