තමන් එළඹෙන සඳුදා දින රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.
ඒ අනුව තමන් අද දින මොස්කව් වෙත පියාසර කරන බවත් එළැඹෙන සඳුදා දින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සාකච්ඡාවක නිරත වන බවයි ඔහු සඳහන් කළේ.
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සජීවීව ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.
“රුසියාව ඉරානයේ මිතුරෙක් අපි සැමවිටම එකිනෙකා සමග සාකච්ඡා කර අපගේ ස්ථාවරයන් සම්බන්ධීකරණය කරනවා හෙට මම රුසියානු ජනාධිපතිවරයා සමඟ බැරෑරුම් උපදේශන පවත්වන අතර අපි එකිනෙකා සමඟ වැඩ කිරීම දිගටම කරගෙන යන්නෙමු” යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
