ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දුරකථයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.
“ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් සමඟ කතා කළා. වත්මන් තත්ත්වය පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කළා. මෑත කාලීනව ඇති වූ ගැටුම් පිළිබඳව දැඩි කනගාටුව පළ කළා. කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාර්ගය ලෙස, වහාම ගැටුම් අවම කිරීම, සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය යොමු වන ලෙසට අපගේ ඉල්ලීම යළි අවධාරණය කළෙමු.” යනුවෙනි.
මිනිත්තු 45 ක් පැවති මෙම ඇමතුමේ දී ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් අගමැති මෝදීගේ ඉල්ලීමට ස්තූති පලකර ඇති අතර ඉන්දියාව, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු වන බවද පවසා ඇති බව සඳහන් වේ.
