Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්! 22ක් මරුට!

1 year ago

සිරියාවේ ඕතඩොක්ස් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම මාරාන්තික ප්‍රහාරයෙන් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.

හිටපු සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් දෙසැම්බර් මාසයේදී බලයෙන් පහකර ඉස්ලාමීය නායකත්වයෙන් යුත් රජයක් විසින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසු සිරියාවේ සිදු වූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙය බවයි වාර්තා වෙන්නේ.

ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ.

ප්‍රහාරකයා IS සටන්කාමීන් සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට අනාවරණය වී ඇත.