අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්රහාර හමුවේ ඉරානය අමෙරිකාවට අනතුරු අඟවා තිබේ.
ඒ සිය රටට එල්ල කළ ප්රහාරයට එරෙහිව අමෙරිකාවට ප්රතිචාරයක් ලබා දෙන බව පවසමිනි.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්රකාශක ඊබ්රහිම් සොල්ෆගාරි පවසන්නේ එක්සත් ජනපදය විසින් සෘජුවම යුද්ධයට අවතීර්ණ වී ඇති බවත් ඔවුන් ඉරානයේ පූජනීය භූමිය උල්ලංඝනය කර ඇති බවය.
බලවත් සහ ඉලක්කගත මෙහෙයුම් හරහා එක්සත් ජනපදය බරපතළ, කණගාටුදායක සහ අනපේක්ෂිත ප්රතිවිපාකවලට මුහුණ දෙනු ඇති බවත් ඊබ්රහිම් පවසා තිබේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ට්රම්ප් යනු සූදුකාරයෙක් බවත් ඔහුට යුද්ධය ආරම්භ කළ හැකි වුවද යුද්ධය අවසන් කරනුයේ ඉරානය බවටය.
