බංග්ලාදේශයට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.
සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ඔවුන්ට බංග්ලාදේශ පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 247ට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමින් ඉනිම අවසන් කිරීමට හැකිවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට ලක්විය.
පැතුම් නිස්සංක ලකුණු 158ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 93ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක විය.
බංග්ලාදේශය වෙනුවෙන් ටයිජුල් ඉස්ලාම් ලකුණු 131කට කඩුලු 5ක් දවාගත් අතර, නයීම් හසන් ලකුණු 87කට කඩුලු 3ක් බිඳ හෙලීය.
