Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත ගැන මල්වතු පාර්ශවයෙන් විශේෂ නිවේදනයක්

1 year ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ…මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂපාඨයෙන් සාවද්‍ය පුවතක් පළ කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ සම්බන්ධයෙන් මල්වතු මහා විහාරයේ, උපලේඛකාධිකාරී, මහවෙල රතනපාල හිමියන් මහානායක මාහිමිපාණන්ගේ නියමය පරිදි අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.

එවැනි හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති බව යි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙවැනි අසත්‍ය සහ සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.