Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාරංගිකාගේ රහස් ඡන්දයට එරෙහිව පෙත්සමක්

1 year ago

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ විරුද්ධ පක්ෂ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු වන අතර, ඔවුහු තමන්ට කවුන්සිලයේ බහුතරය හිමි බව කියා සිටිති.

ජුනි 17 වැනි දින පැවති ආරම්භක රැස්වීමේදී රහස් ඡන්ද විමසීම් පැවැත්වීමට කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ගත් තීරණයට ඔවුහු ඉන් අභියෝග කර තිබේ.

මෙම තීරණයට විරෝධය පළකරමින් මන්ත්‍රීවරුන් 24 දෙනකු සභා ගර්භයෙන් පිටව ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගණපූරණය නොමැති වූ බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කරති.

කෙසේ වෙතත් පසුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළා.