Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවෙන් CIDයට පැමිණිල්ලක්

1 year ago

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට ජනාධිපතිවරයාට බලපෑම් කරන ලෙස, මහින්ද රාජපක්ෂ මහතා මල්වතු පාර්ශවයේ මහනායක හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද බවට පළ වූ ප්‍රකාශ සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඔවුන් පවසන්නේ, අදාළ ප්‍රචාරය අසත්‍යයක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මහනුවර මල්වතු මහා විහාරයේ මහානායක හිමියන් යන දෙපාර්ශවයම මේ වන විට ප්‍රකාශ කර ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළ බවයි.