ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ගයානාහි පැවැත්වෙන ග්ලෝබල් සුපර් ලීග් තරගාවලිය වෙනුවන් හොබාට් හරිකේන්ස් කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී තිබෙනවා.
කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජූලි මස 10 වනදා සිට 19 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියට හොබාට් හරිකේන්ස්, ඩුබායි කැපිටල්ස්, ගයානා ඇමේසන් වොරියර්ස්, රාන්ග්පූර් රයිඩර්ස් සහ සෙන්ට්‍රල් දිස්ත්‍රික් කණ්ඩායම් සහභාගී වනවා.
