Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයේ ප්‍රහාරවලට එරෙහිව විමල් වීරවංශගෙන් සිංදුවක්

1 year ago

යුද ගැටුම්වලින් පීඩාවට පත් පලස්තීන සහ ඉරාන වැසියන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා  ගීතයක් එළි දක්වා තිබෙනවා.

“කාගේද මේ මූනිස්සම්?” යනුවෙන් නම් කර ඇති මෙම ගීතය අද පෙරවරුවේ ඔහුගේ Youtube චැනලය ඔස්සේ ජනගත කෙරුණා.

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, මෙම ගීතය ඉදිරිපත් කෙරෙන බව ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පෙන්වා දී තිබේ.

මෙම ගීතයේ පද රචනාව මෙන්ම ගායනයද විමල් වීරවංශ මහතා විසින් සිදු කර ඇත.