Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජුනි මාසයේ ICC ක්‍රීඩකයාගේ නම් අතරට පැතුම්ගේ නමත්

1 year ago

ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ.

එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ICCය විසින් මාසයේ ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් පැතුම්ගේ නම මේ සඳහා නිර්දේශ වී තිබේ.

පැතුම් නිස්සංකට අමතරව ජුනි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ ඒඩ්න් මාක්රම්ද නිර්දේශ වී තිබෙනවා.