Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුසල් මෙන්ඩිස්ගෙන් අගනා ශතකයක්! චරිත්ගෙන් අර්ධ ශතකයක්!

1 year ago

කුසල් මෙන්ඩිස් සිය 06 වන එක්දින ශතකය වාර්තා කර තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදීය.

තරගයේ පළමුව පන්දුවට දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටිකවේලාවකට පෙර පන්දුවාර 38 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු  205ක් ලබා සිටියේය.

මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 100ක් ද නායක චරිත් අසලංක ලකුණු 50 ක් ද ලබා සිටියි.

එමෙන්ම නායක චරිත් අසලංකද අර්ධ ශතකයක් රැස් කරනු ලැබුවා.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.