Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජයග්‍රහණය සඳහා බංගලාදේශයට හිමි වූ ඉලක්කය

1 year ago

සංචාරක බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (08) පැවැත්වෙන අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 285ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී යාමෙන්.

අද තරගයේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 114කදී ලකුණු 124ක් ලබා ගනිමින් ශතකයක් වාර්තා කළ අතර, ඔහු සමග මනා සබඳතාවයක් ගොඩ නඟා ගනිමින් නායක චරිත් අසලංක පන්දු 68කදී ලකුණු 58ක් රැස් කරගනු ලැබුවා.

පැතුම් නිස්සංක ලකුණු 37ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 16ක්ද, ජනිත් ලියනගේ ලකුණු 12ක්ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 06ක්ද, නිශාන් මධුෂ්ක එක් ලකුණක්ද ලබා ගත්තා.

වනිඳු හසරංග නොදැවී ලකුණු 18ක්ද, දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 10ක්ද කණ්ඩායම වෙනුවෙන් රැස් කළා.

පන්දු යැවීමේදී Taskin Ahmed සහ Mehidy Hasan Miraz කඩුළු 02 බැගින්ද, Tanzim Hasan Sakib, Tanvir Islam සහ Shamim Hossain එක් කඩුල්ල බැගින්ද බංග්ලාදේශය වෙනුවෙන් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා බංගලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 286කි.