Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විමල් වීරවංශගෙන් අනාවරණයක්

1 year ago

රේගුවෙන් නිදහස් කළ බහලුම් 323 අතර අමෙරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකුගේ එතනෝල් කන්ටේනරුත් තිබී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පරික්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිදහස් කළ බවට චෝදනා එල්ල වන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

එම ප්‍රකාශ ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කර සිටින්නේ ආනයනය කරන ලද බහාලුම් 323ක් රේගු පරික්ෂාවකින් තොරව නිදහස් කීරිම පිළිබඳ සිදු කරනු ලැබූ කමිටු වාර්තාවක පිටපතක් C.I.D. යට ලබා දුන් බවයි.

එම බහලුම් නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ සහ අනෙකුත් ආයතන වල නිලධාරීන් සම්බන්ධ බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

රතු ලැයිස්තුවට අයත් බහාලුම් 151ක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කිරීම ඉතා බරපතල වරදක් බවත්, බහාලූම් තදබදය ස්වභාවිකව ඇති වූවක්ද ද නැතිනම් කෘතීමව ඇති කරන ලද්දක් ද යන්න පිළිබඳව සැකයක්ද කමිටු වාර්තාවේ සඳහන් වන බව ඔහු පැවසුවා.

ප්‍රකාශය ලබා දෙන අවස්ථාවේදී විමල් වීරවංශ විසින් විශේෂ අනාවරණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කර තිබෙනවා.

ඒ රෝහන විජේවීර චරිතාප්‍රධානය ගැන නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට, සහ පසුගිය මැතිවරන සමයේ ජනතා විමුක්ති පෙරමුණේ වේදිකා නිර්මාණය සඳහා මුදල් යෙදවූ දැනට ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකුට අයත් එතනෝල් කන්ටේනර් ද අතර තිබෙන බවටයි.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ සඳහන් පවසා සිටියේ තම හිතවතුන් වෙනුවෙන් නිදහස් කරන ලද කන්ටේනර් සඳහා රේගු අධ්‍යක්ෂකවරයා ජෙනරාල්රවරයා පිට වැරැද්ද පටවා බේරිය නොහැකි බවයි.