Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් ප්‍රේමදාසගෙන් රජයට චෝදනාවක්

1 year ago

එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම දුර්වල හා අහංකාරමය සාකච්ඡාවල ප්‍රතිඵලයක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා එල්ල කරනවා.

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමෙරිකානු තීරුබදුවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

“ශ්‍රී ලංකා අපනයන සඳහා 30% අමෙරිකානු තීරුබද්දක් යනු දුර්වල සාකච්ඡා සඳහා අප ගෙවන මිලයි. අපගේ අහංකාරකම සෑම විශේෂඥ හස්තයක්ම සෙවීමෙන් අපව වළක්වා ගත් අතර දැන් අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න අපනයන අවදානමකට ලක්වී තිබේ.” යනුවෙන් ඔහු තැබූ ට්විටර් සටහනක දැක්වෙනවා.