Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දසුන් ශානක අද තරගයට

1 year ago

බංග්ලාදේශයට එරෙහිව අද (10) පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ දී දසුන් ශානක ක්‍රීඩාකරවීමට බලාපොරොත්තු වන බව නායක චරිත් අසලංක පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම් ගැන ඊයේ (9) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දකමින් අසලංක මේ බව සඳහන් කළේය.

දසුන් අවසන්වරට විස්සයි20 තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2024 ජුලි මාසයේ දී ඉන්දියාවට එරෙහිවය.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතය.