Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති බිමල්ට නව තනතුරක්

1 year ago

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

එම සංගමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති සෙමි ලුට්හු ටර්ගුට් මහතා සහභාගී විය. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම් මහතා තේරී පත් විය.