කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසය ප්රථම වරට අද (11) ඉහළ ගොස් ඇත.
ඒ අනුව දර්ශන අගය ඒකක 18.500 සීමාව අතික්රමණය කරන ලදී.
අද දිනයේදී සියලු කොටස් මිල දර්ශනය ඒකක 379.77ක වර්ධනයක් සනිටුහන් කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 18,541.26ක් දක්වා ඉහළ ගියේය
බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් දිනය තුළ දී කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන අතර එහිදී සම්පත්, HNB, කොමර්ෂල් සහ DFCC යන බැංකු සමාගම්වල කොටස් මිල ඉහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි. මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් මිල වර්ධනය ද සියලු කොටස් මිල දර්ශකයේ මෙම වාර්තාගත ඉහළයාමට බෙහෙවින් දායක විය.
