ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 114 කි.
පන්ජාබ්හි මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් සිංගේ ගැටීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් ඔහුව රෝහලට ගෙන ගිය ද ඒ වන විටත් ඔහු මිය ගොස් අති බව වාර්තා වල සඳහන් වේ.
ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වීමත් සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ඔහුව “ඇදහිය නොහැකි අධිෂ්ඨානයක් සහිත සුවිශේෂී ක්‍රීඩකයෙකු” ලෙස හැඳින්වීය.
ෆවුජා සිං වයස අවුරුදු 100 ඉක්මවූ සහ විවිධ වයස් කාණ්ඩ හරහා මැරතන් ධාවනය කිරීමෙන් වාර්තා පිහිටුවා ඇති අයෙකි.
