Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මනෝ ගනේෂන් සහභාගි වූ විරෝධතාවයක උණුසුම් තත්ත්වයක්

1 year ago

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (17) පැවති, “චෙම්මනි – බටලන්ද ඝාතකයන්ට දඬුවම් දෙන්න” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හට විරෝධයක් එල්ල වී තිබෙනවා.

“යුක්තිය උදෙසා ජනතා බලය” සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබූ අතර, එහිදී අත්පත්‍රිකා බෙදා හැරීමෙන් අනතුරුව විරෝධතාවය ආරම්භ වුණා.

සාමකාමීව පැවති විරෝධතාවය අතරතුර, මනෝ ගනේෂන් එම ස්ථානයට පැමිණීමත් සමඟ තත්ත්වය උණුසුම් වූ අතර, විරෝධතාවයට එක්ව සිටි පිරිස, මනෝ ගනේෂන්ට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබෙනවා.