Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දයාසිරි ජයසේකරට පොහොට්ටුවෙන් කළ ආරාධනය

1 year ago

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතාට නාමල් රාජපක්ෂ මහතා සමඟ එක්ව ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ දේශපාලනය සිදු කල හැකි බව සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

එහිදි ඔහු කියා සිටියේ රාජපක්ෂවරුන් සමඟ දේශපාලනය සිදු කර තිබෙන බැවින් දයාසිරි මහතාට එය අපහසු නොවන බවයි.

සංජීව මහතා මේ බව පවසා සිටියේ ඊයේ (16) පැවැති ප්‍රවෘත්ති සාකඡ්චාවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදි සංජීව මහතා පවසා සිටියේ ,

”දයාසිරි ජයසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ UNP ය සමගි ජනබලවේගයට වඩා බලවත් විදිමත් දේශපාලන පක්ෂයක් ලෙස  පැවති සමයෙත් ඒ පක්ෂයේ ප්‍රධානම තනතුරක හිටපු කෙනෙක්.එතන ඉදලා තමයි වයඹ මහ ඇමති විදියට රාජපක්ෂ කදවුරට ආවේ.මේ නිසා දයාසිරි වගේ කෙනෙක් අනාගත නායකත්වය සමඟ නාමල් වටා පෙළගැහෙන එකනම් කමක් නැහැ.වෙන්න බැරිත් නැහැ.”

මෙහිදි මාධ්‍යවේදියෙක් විසින් දයාසිරි මහතා විපක්ෂ නායකකමට සුදුසු ද නුසුදුසුද යන්න විමසු අවස්ථාවේදී සංජීව මහතා පැවසුවේ ,

”යම් කෙනෙකේගේ සුදුසුකම් නුසුදුසුකම් පිළිබඳව පෞද්ගලික අදහස පවසන එක සාධාරණ නැහැ.මම දන්න තරමින් සජබය තවම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිලිගනිමන් ඉන්නවා.විකල්ප නම් කතා කරමින් ඉන්නවා මම දන්න නම් අතර නම් දයාසිරි මහතාගේ නම අහාලා නැහැ. මම දන්නේ නැහැ අභ්‍යන්තර එහෙම එකක් තියනවාද කියලා.”