සමගි ජන බලවේගයේ උපනායකයා ලෙස තමා පත්කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රවෘත්ති වාර්තාවක් ගැන සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ තම දේශපාලන අනාගතය පිළිබඳව තවමත් කිසිදු තීරණයක් අවසන් කර නොමැති බවයි.
කෙසේවෙතත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තමාට පක්ෂයට එක්වන ලෙස ආරාධනා කළ බව ඔහු පැවසීය.
“සජිත් ප්‍රේමදාස මහතා මට සමගි ජන බලවේගයට එක්වන ලෙස ආරාධනා කළ නමුත් තවමත් කිසිම තීරණයක් ගෙන නැහැ.”
