රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීමට සහ බලශක්ති උපයෝගිතාවල මූල්‍ය තිරසරභාවයට සහාය වීම සඳහා පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය අඛණ්ඩව පවත්වා ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර සිටිනවා.
ජා.මූ. අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වය යටතේ වූ ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායම 2025 වසරේ ජූලි 21 සිට 25 දක්වා කොළඹ සංචාරය කළ අතර දූත මෙහෙවර අවසානයේ, පපාජෝ(ර්)ජියෝ මහතා විසින් නිකුත් කළ ප්‍රකාශයේ මේ බව සඳහන් වේ.
මෑත කාලීන සාර්ව ආර්ථික ප්රවණතා සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය.
