Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන 3කට දඩ පනවයි

1 year ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මූල්‍ය බුද්ධි ඒකකය (FIU) 2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ මූල්‍ය ආයතන තුනකින් රුපියල් මිලියන 6.5 ක දඩ මුදලක් අය කර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදනයට අනුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, බැලීස් ලිමිටඩ් සහ බෙලාජියෝ ලිමිටඩ් යන ආයතනවලට අනුකූලතාවය බලාත්මක කිරීම සඳහා දඩ මුදල් නියම කර තිබේ.

2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) 19 (1) වගන්තිය සමඟ කියවිය යුතු බලතල අනුව, FTRA හි විධිවිධානවලට අනුකූල නොවීම සඳහා ආයතනවලට මූල්‍ය දඬුවම් පනවන බව එම නිවේදනයේ සඳහන්.

දඬුවම් ලෙස එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කළ බව මහ බැංකුව වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්,